ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ,

ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව

Logo

ඉතිහාසය

“අත්ථිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ”
“අර්ථය සොයන්නාට මාර්ගයක් ඇත”

යන ගාම්භීර දැහැමි ආදර්ශ පාඨය මූලික කරගනිමින් බුදු දහමේ නියමු වූ හර පද්ධතියට මෙරට ශාසනික ගමන් මග නැවත හරවාලීම උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අනුබද්ධ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව නම් වූ දැවැන්ත වෘක්ෂයේ මූල බීජය රෝපණය කරන ලදී. හුදු සැරසිල්ලක් බවට පත්වෙමින් තිබූ මෙරට බුදුසසුන නැවත නිවැරදිව පර්යාප්තිය ප්‍රතිපත්තිය, ප්‍රතිවේධය සහිතව නගාසිටුවීම උදෙසා බිහිකළ මෙම දැවැන්ත වෘක්ෂයෙහි නිර්මාතෘ වනුයේ අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මාහිමියන් වහන්සේය. රාමඤ්ඤ මහා නිකායේ අනුනායක දූරීන අතිගරු පූජනීය රස්නකවැවේ ශ්‍රී සද්ධම්මවංශ මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පළමු පැවිදි පින්කම වර්ෂ 1951 ජූනි 18 දිනට යෙදුණු පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ දී පැවිදි අපේක්ෂකයන් 12 කු පැවිදි බිමට පත් කරමින් අම්බලන්ගොඩ දෙල්දූව ආරණ්‍යයේදී සිදු විය. මෙසේ අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ජිනවංශාභිධාන මාහිමියන් වහන්සේගේ සමුප්පාදකත්වයෙන් සහ අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර ‍ශ්‍රී ඥානාරාම මාහිමියන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා ප්‍රතිපත්ති සංවිධානය ආරම්භ විය.

සේනාසන නාමාවලිය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අනුබද්ධ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව නම් වූ දැවැන්ත වෘක්ෂයේ මූල බීජය රෝපණය කරන ලදීග හුදු සැරසිල්ලක් බවට පත්වෙමින්...

වැඩි විස්තර